Moneragala Letter 200

My husband was abducted by unknown people in 2008. He was imprisoned for 1 month and my father got him released. When he was coming back home from the Courts, he was abducted again. My son and I were left alone in our house.  I have been since searching for my husband. Up to now all the effort and money has been a waste. I have not received any assistance from anybody.

We are living in my uncle’s house. I am employed as a manual labourer and I am looking after my son. There is no one to help us.

My son is 27 years old. I have another  son and he is 5 years and 8 months old. I am doing labour work and spending for my son’s education.

හිතවත් සොයුරිය,
ඉහත නම සඳහන් මම බණ්ඩාරවෙල දෙමව්පිය සෙවණේ හැදී අ.පො.ස.  උසස් පෙල දක්වා උගත් 1992. 02.05 දින මගේ මහත්තමයා වන ඩී. එම්. කරුණාසුන්දර මහතා සමග විවාහ වුණෙමි. මගේ ස්වාමියාගේ උපන් ගම ඔක්කම්පිටිය. මට එක් දරුවෙක් සිටිනවා. අපි ගොවිතැනින් ජීවත් වූ අය. මගේ මහත්මයා හරිම කරුණාවන්ත කෙනෙක්. ආර්ථීක අපහසුකම් තිබුණත් වෙන බාහිර කරදර තිබුණේ නෑ. යුද්ධය රටේ පැවතුණත් අපට එතරම් බලපෑම් තිබුණේ නෑ. මට ජීවිතයට කණකොක් හඬගැසුවා. 
එදින මම මතක් කරන්නවත් කැමති නැහැ. 2008. 01. 16 දින මගේ මහත්මයා හා තව යහළුවන් දෙදෙනක්  සමග හේනට ගියා මා සමඟ  රටකජු ගලවන්න. එදින මගේ මහත්මයත් සමග යහළුවන් දෙන්නත් එකම මොහොතේ එල්.ටී.ටී.ඊ. සංවිධාන සාමාජිකයන් පිරිසක් විසින් වෙඩි තබා මරා දැමුවා. මට කිසිම කරදරයක් කළේ නෑ. දැනට මගේ පුතා අ.පො.ස. උසස් පෙළ විද්‍යා අංශයේ ඉගෙනුම ලබනවා. ස්වාමියත් නැතුව ආර්ථීක අපහසුකම් මැද්දේ දුකසේ ජීවත් වෙනවා. 
ස්තූතියි.