Batticaloa – Letter 235

Kattankudi – 05.

 

Dear Friend,

 

I am well here and hope that you are too.

 

There is nothing to mention about me specially. But it is difficult to forget my beloved uncle though he expired some years ago.

 

There were nine children in my mother’s family. My uncle was the fifth. Since he had no permanent job to take care to his four sisters, he joined to the security forces. That was his misfortune. His life ended brutally before completing his five year’s of service. He was smart and fit which is why he was accepted into the special forces.

 

03.11.1995 was the last day my uncle was alive. The previous day he came home and stayed with us and then returned to duty. When he left that day, he asked me what I wanted him to bring me the next time he came.

 

The Government had sent 7 soldiers to Ampara district for the safety of the farmers who were working in the paddy field. One of them was my uncle. The LTTE had known this early and strategically hidden in the paddy field. As soon as the soldiers had arrived at a certain location, they were abushed and the LTTE started to shoot at them. Though the soldiers shot back, they lost the battle. My uncle continued to fight even though many bullets had hit his body. Then my uncle was hit in the head with scrapnel from a motar attack by the LTTE. He had fallen down. We received the dead body of my uncle because of another soldier who brought it back.

 

The forces helped us, but it is not equal to my uncle’s life. In his 19 years he bore the pain of poverty. Still we are suffering from that sad event. Who will help me in the future?

 

Yours faithfully,

Your Friend

 

කාත්තාන්කුඩි -05

ආදරණීය යෙහෙළියට,

මම සුවයෙන් සිටිමි. ඔයාගේ සැප සැනීප කොහොමද? මා ගැන කියන්න ලොකු දෙයක් නැහැ. මගේ පවුලේ තත්වය ගැන ඔයා දන්නවා ඇති. තාමත් අපේ හිතේ අමතක නොවන එම සිද්ධිය තිබෙනවා.

අපේ ආදරණීය මාමා අපෙන් වෙන්වෙලා ගිහින් අවුරුදු කිහිපයක් ගතවුනත් අපට එම සිද්ධිය අමතක කරන්න බැහැ. දුප්පත්කමෙන් පිරුණු අපේ අම්මාගේ පවුලේ ළමයි 9 දෙනෙක් සිටියා. පස්වෙනියා වූ ඔහු එදිනෙදා කෑමටවත් මගක් නැතුව තමාගේ සොහොයුරියන් පස්දෙනා ගැන හිතලා හමුදාවට බැඳුනේ  පවුලට උදව්කරන්න ඕනේ කියා හිතලයි.

අවාසනාවට ඔහු බැඳිලා අවුරුදු පහක් ගතවෙන්න කලින් ඔහුට ජීවිතය දාල යන්න සිදුවුනා. ඔහු අවුරුදු 19 ක කඩවසම් තරුණයෙක්. එමනිසා ඔහුව වහාම හමුදාවට ගත්තා.

1995.11.03 දින ඔහුගේ අත්තිම දිනය විය. ඊට කලින් දවසේ තමයි ඔහු නිවාඩුවේ අප සමග ඉඳලා ගියේ. ඊළඟ නිවාඩුවට එනකොට ඔයාට මොනවද ගේන්න ඕනේ කියා මාමා මගෙන් ඇහපු එක මට තාම මතකයි. ඒක තාම මගේ කණට දොංකාරයෙක් මෙන් ඇහෙනවා.

අම්පාර දිස්ත්‍රික්කයේ කුඹුරු වැඩ කරන අයට ආරක්ෂාව ලබා දීමට හමුදා සෙබළුන් හත්දෙනෙක්ව යව්වා. ඒ හත් දෙනා අතර මගේ මාමත් හිටියා. ඒ බව දැනගත්තු එල්.ටී.ටී.ඊ සංවිධානයේ කටිටිය අලුයමේදීම ඇවිත් කුඹුරේ හැංගිලා ඉඳලා තියෙනවා. මෙයාලා එතනට ගිය වහාම ඔවුන් වෙඩි තියෙන්න පටන්ගත්තාලු. හමුදාවේ කටිටියත් වෙඩි තිබ්බත් එය සාර්ථක වු නේ නැහැ. මගේ මම වෙඩි උන්ඩ කිහිපයක් ඇඟට වැඳුනට පස්සෙත් කොටීන්ට වෙඩි තිබ්බලු. එවිට එල්.ටී.ටී.ඊ කොටීන් මෝටාර් බොම්බයක් එල්ල කරලා තියෙනවා. එනිසා මාමා බිම වැටුනා ලු. එතකොටත් මාමාට පණ තිබුණු නිසා තවත් සෙබළෙක් මාමා අරගෙන දිව්වාලු. එනිසා තමයි මාමාගේ මිනියවත් අපට ලැබුනේ.

එදා ඉඳලා අද වෙනතුරු අපි එයාව මතක් කරන්නේ නැති දවයක් නැහැ. හමුදාවෙන් උදව් ලැබුණත් එය ඔයාගේ ජීවිතයට සමාන වෙන්න බැහැ. දුප්පත් කමින් තමාගේ පවුල බේරගන්නට හිතු ඔහුගේ සිහින සිහිනයක්ම වුනා.

අවුරුදු දහනවයේද් පවුලේ බර කරට ගත් ඔහු ජීවිතයේම දුක් කරදර විතරයි දැකලා තිබුණේ. ඔහු තරුණ වයසේදීම මෙලොව දාලා ගියා. ඔහුගේ මරණයෙන් දුක් විඳින සොහොයුරියන්ට පිහිටක් ලැබෙන කාලයක් උදා වෙයිදෝ සැකයි.

මගේ මාමාගේ මරණය ගැන සිහිපත් කරමින් මේ ලිපිය අවසන් කරන්නම්.

මෙයට

ආදරණීය යෙහෙළිය

காத்தான் குடி 05

அன்பின் நண்பிக்கு

நான் நலம் உன்நலம் அறிய ஆவலாய் உள்ளேன் வறுமையே வாழ்க்கையான என்தாயின் குடும்பத்தில் 9 பிள்ளைகள் அதில் 5வது மகன் குடும்பத்தை எண்ணி இரானுவத்தில் சேர்ந்தார் ஆனால் அதில் அவர் இறந்தார்

அம்பாறையில் பாதுகாப்பு அளிக்க இவர் சென்ற போது எல் டி டியினர் சுட்டனர் இராணுவத்தின் உதவிகள் கிடைத்தாலும் அவரின் உயிருக்கு ஈடாகாது இளவயதிலே இவ்வுலகைவிட்டு பிரிந்தார் என் மாமாவின் இழப்பை நினைத்து எழுதிய கடிதத்தை முடிக்கிறேன்