Batticaloa – Letter 252

Meerakeni, Eravur – 03.

Assalamu Alaikum

Dear Friend,

I am well here. How are you? l’d like to share my sad story with you.

When I was an 11 year old girl, I was naughty, I would usually play with my friends. I have 5 brothers and 3 sisters. I am the last in my family. One day when I was coming after school, I stopped to play in the jungle with my brother and friends. Then suddenly we heard the sound of shooting and saw helicopters in the air. We screamed in fear. Then my mother came there quickly and took us with her. After that  we were afraid of what might happen at any moment. At night time, the men in our village didn’t sleep in their homes. They guarded the females and children by keeping watch all night under the trees. I couldn’t understand why our lives went on like this.

In 1990 my father and the neighbours decided that nothing further was going to happen here and so decided to sleep in our homes again. For the first time in two months we all slept together. Then early one morning someone rapped on our door loudly. I hid behind the door in fear while my mother opened the door. It was my brother, carrying the one and a half month year old child of my elder sister. Then he wailed “Are you sleeping? Whole the village has been destroyed, our sister’s family has also been was killed. Don’t shout, for a long time I had been searching for you.” Then mother and father ran to the place where my sister was killed. I held onto the injured baby and kept him with me. The baby’s hand was bleeding. Then he was taken to the hospital. No one was at the village. Then my mother came back and took me with her. On our way we saw the dead bodies of my sister, her husband, their 2 sons, 2 daughters and neighbours. We wandered here and there as refugees with unbearable sadness.

Later we built a small hut close to one of our relative’s homes and lived there with difficulties. Eventually we went back to our own place. Everything in the house was robbed and the house also was damaged. My father seems like he has gone mad since all this violence happened.

I stopped my studies as I have no support. So when I was 13 and a half years old (in 1992), I went to a foreign land as a house maid.  My age shown as 26 years in my passport. I have borne all the disturbances that happened to me there because of our poverty. I worked there 2 ½ years and returned with Rs. 20,000/-. Then I bought a sewing machine and earned a living. It was not enough to manage the day to day life of our family. So, I went abroad again. When I came back I got married in 2000.

Now I have 4 children of my own. At this time I lost my father. Now my husband, 4 children, my old mother and I are all living with great difficulty. Our village is also still under developed.

Who will help our village and our family survive? This really is the big question.

Yours faithfully,

Rufiyah

සදාම් හුසෙයින් ගම්මානය,
මීරාකේණි,
ඒරාවූර්.
අස්සලාමු අලයිකුම්
මගේ යෙහෙළිය වෙතට,
මම සනීපෙන් ඉන්නවා. ඔයාගේ සැප සනීප කොහොම ද? ඔයා හොඳින් ඉන්නවා ද? මම මේ ලිපියෙන් මගේ ජීවිතයේ මම මුහුණු දුන් දුක් කරදර ගැන ඔයාට විස්තර කරන්නම්. මට ඒ වේලාවේ අවුරුදු 11 විතර ඇති. 1989 වකවානුවේ මගේ යෙහෙළියන් සමග සතුටින් සෙල්ලම් කරන වයසයි එය. අපේ පවුලේ සහෝදරයන් 5 දෙනෙකුත් සහෝදරියන් 3 දෙනෙකුත් හිටියා. මම තමයි බාලම දුව. අපේ ගමේ නිල්ල පිරුණු වෙල්යාය වලින් පිරිණු ගමකි. එළු, වසු පැටියන්, කුරුල්ලෝ කියන ස්වභාවික දර්ශණවලින් පිරී තිබුණා. පාසල් ඇරියට පස්සේ කැලේට ගිහින් ටික වේලාවක්වත් සෙල්ලම් කරන එක අපේ පුරුද්දක් වී තිබුණා. එක දවසක් මගේ අයියගේ පුතාත්, මගේ යෙහෙළියත්, මමත් කැලේට ගිහින් සෙල්ලම් කරමින් සිටියා. එවේලාවේ තමයි මම මගේ ජීවිතයේ ගුවන් ප්‍රහාරයක ශබ්දය ඇහුවේ. අපේ ඔලුවට උඩින් හෙලිකොප්ටරයක් එහේ මෙහෙ යන්න පටන් ගත්තා. අපි බයවෙලා කෑගහන්න පටන් ගත්තා. ඒ වේලාවේ මගේ අම්මා දුවගෙන ඇවිල්ලා අපිව ගෙදර එක්කන් ගියා. ඉන් පස්සේ කිසියම් බය ගතියක් අපේ ගමේ පැවතුනා. මොනවා හරි වෙන්ඩ යනවා කියන බයෙන් තමයි අපි පසුවුනේ. රෑට කිසිම පිරිමි කෙනෙක් ගෙදර නිදාගන්නේ නැහැ. ගැහැණු අයවත් ළමයින්වත් ගස් යට වාඩිකරවලා එයාලා අපිව ආරක්ෂා කලා. එයාලා මොකට ද මෙහෙම කරන්නේ කියා අපිට ඒ වේලාවේ තේරුම් ගන්න පුළුවන් වුනේ නැහැ. මෙහෙම අපේ ජිවිතය යමින් තිබෙන කොට තමයි 1990 වකවානුවේ නිදිමරමින් මගේ තාත්තාත් අල්ලපු ගෙදර කට්ටියත් මින් පස්සේ මොකුන් වෙන්නේ නැහැ අපි ගෙදර ගිහින් නිදාගමු කියා කිව්වා. එනිසා අපි ගෙදර ගිහින් මාස දෙකක් ඇහැරිලා හිටපු නිසා හොඳින් නිදාගෙන හිටියා. එදා උදේ පාන්දර 5 ට විනර අපේ දොරට කව්දෝ තදින් තට්ටු කරන ශබ්දේ ඇහුනා. එවිට ඇහරුණු මම බයෙන් හැංඟුනා. මගේ අම්මා දොර ඇරියා. එහේ මගේ ලොකු අයියාත් ලොකු අක්කාගේ අවුරුදු 1 ½ ක දුවත් එක්ක හිටියා. එතකොට එයා අපට කෑගහලා බැන්නා. එහේ මුලු ගමම විනාශ වෙලා. ඔයා නිදාගෙන ද ඉන්නේ කියා කෑ ගැසුවා. මම ඔයාලා හොයලා හැම තැනම ගියා. එතකොට මගේ අම්මාත් තාත්තාත් මැරුණු මගේ සහෝදරියගේ පුතාවත් තුවාල වුනු දුවත් මගේ අතට දීලා ගියා. මොනව කරන්නද කියා දන්නේ නැතුව හිටියා. දුවගේ අතෙන් ලේ වැක්කෙරමින් තිබුනා. බ්ලේඩ් තලයක් අරන් එයා ඇදගෙන හිටි ඇඳුම් කපලා අයින් කරලා එයා පිරිසිදු කරමින් ඉන්නකොට එයාව වාහනයකින් රෝහලට අරන් ගියා. එවිට මුලු ගමම හිස් වෙලා තිබුනේ. මමත් මගේ සහොදරයගේ පුතාත් විතරයි හිටියේ. මගේ අම්මා ඇවිත් ගෙදර තිබුණු ඇඳුම් පෙට්ටියක් විතරක් අරගෙන ගෙදරින් පිටත්වෙමු කිව්වා. යන පාරේ මගේ සහෝදරිය, එයාගේ මහත්තයා, පුතාලා දෙන්නා, ළමයි දෙන්නා, අල්ලපු ගෙදර අය සියලු දෙනා මරලා තිබුණා. තුවාල වුනු සිතත් එක්ක අනාථ වෙලා එහෙ මෙහෙ සැරිසරලා අපේ දුර ඥාතියෙක් වෙන ලොකු අම්මා කෙනෙකුගේ වත්තේ පැලපතක් හදාගෙන ගොඩාක් අමාරුවෙන් ජීවත්වුනා. පස්සේ අපේ තැන්වලට ගිහින් පදිංචි වුනෙමු. එහි දොර ජනෙල් කඩලා බඩුමුට්ටු මංකොල්ල කාලා තිබුණා. අපේ තාත්තාත් තමාගේ දුවගේ නැතිවුනු ශෝකයෙන් මානසික රෝගියෙක් වගේ හිටියා. මට මගේ ඉගෙනුම අතරමග නවත්තන්න වුනා. ගුරුවරු ඇවිත් ඇහුවත් මම පාසල් ගියේ නැහැ. ඉගෙන ගන්නට කිසිම උදව්වක් තිබුනේ නැහැ. එතකොට මගේ වයස අවුරුදු 13 ½ යි. දුප්පත්කම නිසා 1992 වර්ෂයේ රට ගියා. වෙන කෙනෙකුගේ අවුරුදු 26 විදෙස් ගමන් බලපත්‍රයෙන් තමයි ගියේ. එහි මගේ වයසට වැඩි වැඩ පැවරුනා. අවුරුදු 2 ½ ක් එහි වැඩ කරලා කිසි දෙයක් නැතුව රුපියල් 20,000/=ක් සමග ගෙදර ආවා. පස්සේ මහන මැසිමක් අරන් මහන්න පුරුදුවුනා. එහෙම අවුරුදු දෙකහමාරක් ගෙදර සිටියා. ඉන් පස්සේත් රට ගිහින් ගෙය හැදුව. පස්සේ 2000 වර්ෂයේ විවාහ වුනා. දැන් මට ළමයි 4 දෙනෙක් ඉන්නවා. මගේ තාත්තාත් නැතිවුනා. දැන් මගේ මහත්තයාත් ළමයි හතරදෙනාත් මගේ වයසක අම්මාත් සුළු ආදයමකින් ජීවත්වෙනවා. කලින් තිබුණු සතුට දැන් නැහැ. අපේ ගම කිසිම දියුණුවක් නැතිවයි තියෙන්නේ. අපේ ගම්වලට ඇති වෙලා තිබෙන මෙම තත්වය කවද ඉවරවෙයිදෝ දන්නේ නැහැ. අපි මුහුණු දෙන දුෂ්කරතාවය කවද ඉවර වෙයිදෝ දන්නේ නැහැ. මෙතැනින් මේ ලිපිය අවසන් කරන්නම්.
මෙයට,
යෙහෙළිය

சதாம் குசைன் கிராமம் மீராகேணி

ஏறாவுர்

அஸ்ஸலாமு அலைக்கும்

அன்பின் நண்பி நான் நலமா நீ நலமா?

வன் செயலால் எங்கள் ஊரே அழிந்து விட்டது என் சகோதரியின் குடும்பமும் அழிந்து விட்டது அவருக்கு காயம் வைத்தியசாலைக்கு போகும் போது அவரின் கணவர் பிள்ளைகள் இறந்துகிடந்தனர் பின் பெரியம்மா காணியில் குடிசை போட்டு இருந்தோம்  இங்கும் கஸ்டப்பட்டோம் என் படிப்பை நிறுத்தினேன்

வறுமையால் வெளிநாடு சென்றேன் அங்கும் கஸ்டப்பட்டேன் 20 000 ரூபாவுடன் நாடு வந்தேன் மீண்டும் வெளிநாடு சென்று நாடு திரும்பி திருமணம் முடித்தேன் 4 பிள்ளைகள் உள்ளனர்

பாதிக்கப்பட்ட நிலையில் எந்தவித முன்னேற்றமும் இல்லாமல் உள்ளது இனிமேல் இக்கிராமத்துக்கு விடிவு வருமோ என்ற கேள்வியோடு கடிதத்தை முடிக்கிறேன்

இப்படிக்கு உண்மையுள்ள