Kurunegala Letter 214

Panggolla

Ibbagamuwa

My husband joined the Army in 1988. We married after a long love affair of 8 years. When I was pregnant with my first child, my husband was shot by the brutal LTTE terrorists. We suffered a lot. Then we received a house in Panggolla village and came to live here. We are very happy that we got a house here. But I was sad that I had to leave my parents. My husband had to go to work. He was worried that I had to stay home alone with the children. Now I have three children. My husband is retired and stays home. Due to the war, my husband’s left hand got paralyzed below the elbow. Whatever happened, I am happy that all of us  live under one roof now. Now I sew mats and make bags out of palm leaves as a self employment. But we don’t have very good sales. If you could assist us to improve our sales it will be a great thing.

Thank you.

 

මගේ මහත්තමයා 1988 ආමි එකට බැඳුණා. අපි ප්‍රේම සම්බන්ධයකින් තමා මුණ ගැහුණේ. අවුරුදු අටක් පමණ ආදරේ කරා. අපි දෙන්නගෙ කැමැත්තෙන් විවාහ වුණා. මගේ පළමු ළමයා ලැඛෙන්න සිටියදී මගේ මහත්තයා කුරිරු ත්‍රස්තවාදීන් විසින් වෙඩි වැදුණා. නමුත් ඒ මොහොතේ සෑහෙන දුක් වේදනා වින්දා. මෙහෙම ටික කලක් ගත වෙද්දී ළමයට මාස 7 ක් වූවාට පසු පාංගොල්ල ගම්මානයේ නිවසක් ලැබී අපි ගම්මානයට ආවා. අපිට මෙහේ තැනක් ලැබීම කියා නිම කළ නොහැකි තරම් සන්තෝෂයක්. අපිට අලූත් ජීවිතයක් ගතකිරීමට ලැබීම ගැන. නමුත් දෙමාපියන් අතහැර මෙම ගම්මානයට පැමිණ මහත්තයා නැවත රාජකාරියට යෑම ගැන ඉමහත් කණගාටුදායක විය. ඒ මන්ද කියනවනං මමත් දරුවන් නිවසේ තනිව රැඳීම ගැන ඉතාමත් දුක් වුණා. දැන් මට දරුවන් තුන් දෙනක් සිටිනවා. මහත්තයා විශ්‍රාම ගොස් දැන් නිවසේ දරුවන් සමග කාලය ගතකරනවා. යුද්දය නිසා මාගේ මහත්මයාගේ වම් අත වැල මිටෙන් පහළ අප්‍රාණික වී තිඛෙනවා. මොනවා වුණත් දැන් අපි සියලූ දෙනා එක වහලක් යට සිටීම ගැන සන්තෝස වෙනවා. මම දැන් ස්වයං රැකියාවක් වශයෙන් පාපිසි මැසීම සහ තලකොළ ආශ්‍රිත බෑග් නිෂ්පාදනය කරගෙන යනවා. නමුත් අලෙවිය ගැන ප්‍රශ්නයක් තිඛෙනවා. ඔබ තුමියලාට එම භාණ්ඩ අලෙවි කර ගැනීමට කටයුතු කරනවා නම් ඉතාමත් අගනේය.

 

ස්තූතියි

எனது கணவர் 1988ம் வருடம் இராணுவத்தில் இணைந்தார். எட்டுவருடம் காதலித்தே நாம் திருமணம் செய்துகொண்டோம். எனது முதல் குழந்தையை நான் வயிற்றில் சுமந்த கர்ப்பிணியாக இருந்போது கொடூர எல்.ரீ.ரீ.ஈ பயங்கரவாதிகளால் எனது கணவர் சுடப்பட்டார். நாம் மிகவும் துன்பப்பட்டோம். பின்னர் எமக்கு பங்கொல்லவில் வீடு கிடைத்தால் வாழ்வதற்கு இங்கு வந்துவிட்டோம்.

 

இங்கு வீடு கிடைத்தது மிகவும் சந்தோசமாக இருக்கின்றது. ஆனால் எனது பெற்றோரை வீட்டு வந்ததுதான் கவலை. கணவருக்கும் வேலைக்கு செல்ல வேண்டியிருந்தது. நான் குழந்தைகளுடன் தனியே வீட்டில் இருப்பது பற்றி அவர் கவலைப்பட்டார். தற்போது எனக்கு மூன்று பிள்ளைகள் உள்ளனர். எனது கணவர் ஓய்வுபெற்று தற்போது வீட்டில் இருக்கின்றார். போரின் காரணமாக எனது கணவரின் இடதுகை முழங்கைக்கு கீழே இயங்காமல் போய்விட்டது. எதுவாக இருப்பினும் நாம் இன்று ஒன்றாய் ஒரே கூரையின் கீழ் வாழ்வதையிட்டு மிக்க மகிழ்;ச்சியாய் இருக்கின்றது. இன்று நான் சுயதொழிலாக பனை ஒலை கொண்டு பாய் மற்றும் கைப்பை பின்னல் செய்கின்றேன். ஆனால் நல்ல விற்பனை இல்லை. எமது விற்பனையை அதிகரிக்க நீங்கள் ஏதாவது உதவி செய்தால் அது பெரிய விடயமாய் இருக்கும்.

 

நன்றி